මෙය මුලින්ම කිවයුතුයි බොහෝවිට විවිධ අදහස් ගත හැකිය .එක් එක් අයගේ විචාරාත්මක දැනුවත්භාවය විවිධය ....මෙම ගීතය ඩබ්ලිව් ඩී අමරදේව මහතා විසින් ගායනා කරනු ලබයි..

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට

තිත්ත පැටවු උඩ පැන නැටුවා..

වැස්ස වහින්නට ඉස්සර අහසේ

වලාකුළින් විදුලිය කෙටුවා..


වක්කඩ කිසියම් අවයවයකට සමාන කළ විට තිත්ත පැටව් සමාන වෙනවා පිරිමියාගේ නිකුත් වන නිකුත් වන ශුක්‍රාණු වලට .හැඩයේ ඒ හා සමාන බවක් පෙන්වන නිසා.එවිට වක්කඩ කුමක්ද කියා සිතාගත හැකිය."වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා"මෙහි වැස්ස කෘතිම වැස්සක් ලෙස උපමා කොට ඇත.වැස්ස වහින්නට කලියෙන් කලියෙන් වලාකුලින් විදුලිය කොටයි.විදුලි කොටන විට ඝෝෂා කාරී බවක් දැනෙයි.

කිව්වට වස් නැත නිල් නිල් පාටින්.. කටරොළු මල් වැට වට කෙරුවා.. තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා..
"තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා".සාමාන්‍යයෙන් මසකදී කාන්තාවන් තුන් දවසක් අමනාපෙන් සිටි.මෙහි සඳහන් වන සදහන්වන කලුද අමනාපයෙන් සිටි.විවාහක පිරිමින් මෙය මැනවින් දැ සිටි.මෙහෙම දවස් 3 කාන්තාවක් බොහොම ආවේගශීලීව කාලය ගත කරයි .එවිට මෙම දවස් 3 ආවේගයෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බලයි.අද කමක් නෑ කියන විලසින්.එවිට අපට මැනවින් දිස්වෙයි මෙහි සඳහන් වන්නේ දෙදෙනෙකුගේ සංසර්ගය බව.මෙම ගීතයේ පළමු කොටස සෙමෙන් ගායනා කරයි.දෙවන කොටසට එන විට එහි නිස්කලංක ගතිය අඩුකර තනුව වේගයෙන් ගමන් කරයි."කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා "කටරොලු මල් කෙනෙකුගේ හිතේ පිපෙන සෙනෙහස ලෙස ගත හැකිය.

ගල මතුපිට මල පිපෙන්න මල මත බඹරිදු නටන්න.. වැහි වැහැලා ගග පිරෙන්න.. ගග උතුරා හිත පිරෙන්න..

ගල මතු පිට මල පිපෙන්න" දැන් මේ දෙදෙනා යම් ප්‍රමාණයකට සංසර්ගයේ නියැලිලා සිටින්නේ."මල වට බඹරිදු නටන්න"එවිට මල මොකක්ද බඹර කවුද කියල ඔබ හිතා ගන්න."වැහි වැහැලා ගඟ පිරෙන්න"  මෙය ඔබට මැනැවින් තේරුම් ගත හැකිය . විශේෂයෙන් මෙය කියවන තරුණයන්."ගඟ උතුරා හිත පිරෙන්න " හිත පිරුණේ  නැත්නම් ඒ වැස්සෙන් වැඩක් නැහැ.එම නිසා දැන් ඔවුන් දෙදෙනාගේම හිත පිරෙනවා.මෙම ගීතයේ පළවෙනි කොටස හා දෙවන කොටස වෙන් වෙන්ව හොඳින් අසන්න.දෙවන කොටසෙහි සංසර්ගයේ ශබ්දය හොඳටම ගන්න පුළුවන්.

ගලා හැලෙන වැහි වතුර වගෙයි නුඹ..
හිනාවෙයන් කලු හිනාවෙයන්.. වෙලා මගේ හිත හිනාවකින් තව.. හිනාවෙයන් කලු හිනාවෙයන් ..

"ගලා හැලෙන වැහි වතුර වගේ නුඔ හිනාවෙයඹ හිනාවෙයන් කළු හිනාවෙයන් "වැස්ස අපි දැන් කෘතීම වැස්සකට පරිවර්තනය කර ගත් විට එලෙසම කලුද හිනා විය යුතුය.මන්ද පිරිමියා පමණක් හිනා උනාට පලක් නැත .බොහෝවිට වැඩියෙන්ම සතුටුවන්නේ පිරිමි පාර්ශවය යි.එම නි පුරුෂයාගේ ඉල්ලීම වන්නේ කළු...උඹත් හිනා වෙයන් යනුවෙනි.

(මෙම ගීතය ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා download යන්න ක්ලික් කරන්න )

මෙය ශාස්ත්‍රවේදී දුෂ්‍යන්ත වීරසේකර මහතා විසින් lanka music records වෙත පළ කළ වීඩියෝව හොඳින් අධ්‍යයනය කර සෑදූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න.