Advertisement

Responsive Advertisement

අමාවකට අත වනනා ගීතයේ තේරුම - amawakata atha wanana geethayee theruma


චාමර වීරසිංහ මම දකින්නේ නූතන ගායක පරපුරේ බැබළෙන තරුවක් ලෙසයි ඔහුගේ අමාවකට අත වනනා ගීතය අර්ථය පහතින් දැක්වෙයි.....

අමාවකට අත වනනා පිච්ච මලී...
ලමැද නුඹේ කිරි කිරි පුසුඹින් සිත කැළඹී..
පිච්ච පතට පැණි පෙරළා බොන යාමේ ...
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ...

"අමාවකට අත වනනා පිච්ච මලී" ඔබ දන්නවා පිච්ච මල සුදු පාටයි. මේ සුදුපාට මල් ගොඩක් ආස කරන්නේ කරුවලට. ඉතින් මේ පිච්ච මලින් කරුවලට අත වනනවා. "ලමැද නුඹේ කිරි පුසුඹින් සිත කැළඹී" කාන්තාවකගේ ලමැද කිරි පුසුඹක් එනවා කියන්නේ ඇය ගැබ්ගෙන සිටි.නමුත් ඒ ගැබ් ගැනීම නිසා ඇගේ සිත කැළඹිලා තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා මෙය අනවශ්‍ය ගැබ් ගැනීමක් බව."පිච්ච පතට පැණි පෙරළා බොන යාමේ... පිච්ච මලට පැණි ඉහුනද  සංකාවේ " මෙම ගීතයේ ඉතා ම රසවත්ම කොටස ලෙස මා මෙය දකිමි. මෙහි තේරුම ඔබට අපට මැනවින් පහදා ගත හැක. මෙහි සඳහන් පිච්ච මලී අනවශ්‍ය ගැබ් ගැනීමකට ල වෙලා තියෙන්නේ..පිච්ච පතට පැණි පෙරළා බොන්න ගිහින් නොදැනුවත්වම පිච්ච මලට පැණි ඉන්න නිසා ...

ලමැද  හොවා හද සෙනෙහස දුන්නාට ...
කුමක් කරන්නද සමනල් හිනාවට...
දෑත දිගු කරන්නට බෑ නුඹේ  ලොවට ....
වරද මගෙන් සගවා දෙනු ලෝකයට ....

"ලමැද  හොවා හද සෙනෙහස දුන්නාට " මේ පිච්ච මලී මෙහි සඳහන් පිරිමියාට මුලු හදවතින්ම සෙනෙහස දුන් බවත් බව මෙහි සඳහන් වේ."කුමක් කරන්නද සමනල් හිනාවට" මා  මේ ගීතයේ මේ පිරිමියාගේ පිරිමි කමක් නැති බව දකින පදවල් තුන අතරින් එක් පදයක් ලෙස මෙය හඳුන්වනවා.මොහු මේ අහන්නේ ඉපදෙන දරුවාට මොකක්ද කරන්නේ කියාය.මට නම් දැනෙන්නේ මොහු පිච්ච මල් ඊට අඟවනවා ඉපදෙන්න ඉන්න දරුවා නැති කරගන්න කියන්නාක් මෙනි."දෑත දිගු කරන්නට බෑ නුඹේ  ලොවට" මෙම පදයෙන් මෙය අසන පුද්ගලයාට යම් අදහසක් දෙනවා මෙහි සඳහන් පිරිමියාද තවත් ගැහැණියක් සමඟ විවාහ වී සිටින බව . ඊළඟ පද වලින් මේ මැනවින් තේරුම් ගත හැක.එනම් මෙහි සඳහන් පුද්ගලයාට පිච්ච මලීගේ ජීවිතයට පැමිණිය නොහැකි බව."වරද මගෙන් සගවා දෙනු ලෝකයට" මෙය මෙහි සඳහන් පිරිමියාගේ දුර්වල ආත්මාර්ථකාමී බව පෙන්වන එක් ගුණාංගයකි.ඉතාමත් අසාධාරණ අවස්ථාවකි.පිච්ච මලී වරදකාරිය වූවාට කමක් නැහැ බෙහෙත් පිරිමියාගේ වරද ලෝකයට හෙළි කරන්න එපා කියනවා මෙනි.

අවිහිංසක සිතුවිලි සිත බැන්දාට...
එකට කුඩු වෙන්නට බැරි පෙර පවට ...
ඉතින් සාප කරමින් මගේ  ඉක්මන් කමට...
එපා විසි කරනු ගින්දර මගෙ පැල්පතට...

"අවිහිංසක සිතුවිලි සිත බැන්දාට..එකට කුඩු වෙන්නට බැරි පෙර පවට"එයින් මේ දෙදෙනාට මේ භවයේ එක් වීමට බැරි බව කියාපායි."ඉතින් සාප කරමින් මගේ  ඉක්මන් කමට" මේ පදයෙන්  සම්පූර්ණ වරද මෙහි සඳහන් වන පිරිමියා හට පැවරිය හැකිය .මෙතන ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා පිරිමියා ඉක්මන් වන බව."එපා විසි කරනු ගින්දර මගෙ පැල්පතට"බලන්න මේ ගී පද රචකයාගේ ඇති දක්ෂතාවය.මෙම අවසාන පදයෙන් සියලුම දේවල් මෙය අසන පුද්ගලයාට තේරුම් කර දෙන අන්දම.එනම් මෙහි සඳහන් පිරිමියා වෙනත් ගැහැනියක් සමග සමග විවාහ වී සිටිනවා.එමනිසා පිච්ච මලීට මොහු කියනවා මගේ පවුලට මේ පිළිබඳව දැනගනීමට තියන්න එපා කියලා.එහෙම වුවහොත් ඔහුගේ පැල්පත සුනු විසුනු වෙයි කියා...

මෙය වෙනත් දෘෂ්ටි කෝණවලින් කියවිය හැකිනම් යටින් comment එකක් දාන්න .....

Post a Comment

7 Comments