Advertisement

Responsive Advertisement

සඳකැන් වැසිලා ගීතයේ තේරුම - sandaken wasila geethaye theruma


සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී
මෙහි සඳ කැන් වලට තමන්ගේ ගැහැණිය උපමා කොට ඇත.අඳුරේ එතිලා යන්නෙන් අදහස් වන්නේ එම කාන්තාව වෙන පිරිමියෙක් සමග යහන් ගත වී සිටිනවා යනුවෙනි.ඇයට මෙතරම් ගණදුරුරැයෙහි තනිකමක් නොමැත.මෙහි පිරිමියා ආයාචනා කරනවා නැවත ඔහු අත හැර තමා වෙත පැමිණෙන ලෙස .මෙයින් මේ පිරිමියාගේ අහිංසක නිහතමානී කම සම්පූර්ණයෙන්ම කියැවේ."මගේ එලිය අද ඔබ පමණි.." මෙහි සඳහන් පදයෙන් කියවෙනවා ගැහැනියට, මට වෙන අයගෙන් වැඩක් නැහැ. මට ඕනේ ඔයා විතරයි.ඒක නිසා ආයෙත් මාව හොයාගෙන එන්න යනුවෙන්.
ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ
මෙහි පිරිමියාට ඇති එකම සුවය ඇයයි.නමුත් ඇය වෙන පිරිමියෙක් සමග යහන් ගත වී සිටින අයුරු පිරිමියා දැක ඇත.එය හීසර පහරක ට උපමා කොට ඇත.අනික් පද දෙකෙන් මේ ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි.මෙම කාන්තාවගේ අනියම් සැමියා තමන්ගේ නිවසේ අසල්වාසියෙකි.
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
පිරිමියාගේ අහිංසකකම ඉතාමත් හොඳට විදහාපාන පදයකි.මෙහි පිරිමියා කියනවා මේක රහසක් විදියට තියාගෙන මැරිලා යනවා කියලා.අනියම් සබඳතා නිසා මරාගෙන මැරෙන පවුල් ජීවිත අතරෙ මේ සැමියා දෙන ආදර්ශය කොතරම් වටිනවාද?

Post a Comment

2 Comments