නෙලා ගැනුමට නොහැකි වූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..//
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීම ය
තමා ආදරය කරන පුද්ගලයා කෙදිනක හෝ අහිමි වන බව දැනෙන සෑම මොහොතකම තව තවත් ආදරයෙන් බැඳෙන්න. එයයි ආදරය. ආදරය යනු අනාගතය නොවෙයි, වර්තමානයයි. ගත කරන සෑම මොහොතක්ම ආදරයෙන් බැඳෙන්න.මෙම ගීතයෙන් ද තමාගේ ප්‍රේමවන්තිය අහිමි වුවද ඇගේ මතකය පොදි බැදගෙන ජීවත්වන ප්‍රේමවන්තයකු පිළිබඳව කියැවේ. මෙම පද රචකයා ප්‍රේමය යන්නට අමුතු නිර්වචනයක් ලබා දී ඇත.
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීම ය..//
හිත් පුරා හිදිනට වරම් නැති
සොඳුරු සයනක නිදි වැරීම ය
පෙම්වතුන් කෙතරම් තමාගේ ආදරය ගැන සිහින මවන වා ද? නමුත් සියුම් දෙයකින් පවා එය සුනුවිසුනු විය හැකිය. නමුත් ඒ සැබෑ කර ගැනීමට නොහැකි සිහින නොනිදන රැයවල් වල කෙතරම් සිත පහරනවාද?... එය දන්නේ සැබෑවටම ආදරය කල අය පමනකි. වඩා වැදගත් වන්නේ නිසි අවබෝධයකින් යුතුව ආදර කිරීමයි.හරිහැටි තේරුම් නොගත් බොහෝ දෙනා කෙළවර වන්නේ, උන්මත්තක භාවයෙනි. එය එතරම් ප්‍රබල ගනුදෙනුවකි. මා හට හැඟෙන පරිදි ආදරය යනු, මිනිසෙකුගේ හය වන ඉන්ද්රිය වේ.
ලඟ ඉඳන් ආදරෙන් මිමිණූ
පැරණි පෙම්බස් සිහි කිරීම ය...//
පණපිටින් මුළු සිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය
පෙම්වතුන් දෙදෙනෙක් මුණගැසුණු විට ,කෙතරම් ආදර බස් දොඩනවා ද? ඒ ආදරය අහිමි වූ විට, පෙර මතකයන් කෙතරම් සිත පහරන වා ද? කෙතරම් සිත පැහැරුවත් ඒ මතකයන් ප්‍රමාණවත් මිනිසෙකුගේ සිත මදක් හෝ සුවපත් කිරීමට.ආදරය යනු දාන පාරමිතාවකි.තමා ගැනවත් නොසිතා තවකෙකු සතුටු කිරීමට දරන ප්රයත්නයකි.ආදරේ දී ලැබීම් බලාපොරොත්තු වනවාට වඩා, තමාගෙන් අනෙක් පුද්ගලයා හට ලැබිය යුතු දේ ලබා දෙන තරමට ආදරය ශක්තිමත් වේ.එය දෙපාර්ශවයෙන්ම එකිනෙකා හට ලැබෙන විට , අලංකාර ගනුදෙනුවක් බවට පත්වේ.
0 Comments