Advertisement

Responsive Advertisement

වැහි පබළු සැලී ගීතය‌ේ ත‌ේරුම - wehi pabalu seli geethaye theruma



වැහි පබළු සැලී ගීතය කතා කරන විට මෙම ගීතයේ පද රචකයා වන උපුල් ශාන්ත සන්නස්ගල නැත්තං සන්නා ගැන යමක් කිව යුතුයි.මොහු විවිධ මත ඉදිරිපත් කළත් මොහු ගේ චරිතය ගත් විට ඉතාමත් ආතල් චරිතයකි.පෞද්ගලිකව මම සන්නාට ඉතාමත් කැමතියි.දැන් අපි ගීතය දෙසට යමු.
වැහි පබළු සැලී ඉගි කරනා හැටී දෙව් දුව ඇසිපිය ගසති මග දෙපස රැදී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිදිමී//

මෙහි කාන්තාවට දෙව්දුව කියා උපමා කොට ඇත."මග දෙපස රැඳී ඔබ දෙසට හැරී" මෙම පදයෙන් ගීතය වැදගත් ස්ථානයක් අපට හසු කර ගත හැක.පාර අයිනට වෙලා ඔයාගේ දිහා මම ඇස් ඇස්පිය නොහෙලා බලා සිටින බවයි. මෙහි සඳහන් පිරිමියා කුමක් හෝ ගමනක් යන විට මග තොට දී හමු වූ කාන්තාවක් පිළිබඳව මෙම ගීතයෙන් කියවෙයි.
ළැම සළු විහිරී නෙතු මතම වැදී උම්මාද සුසුම් හෙලමී.......// සිහිනෙන් දකිමී සිහිනෙන් දකිමී මල්කිණි මම සිබින හැටී

මෙය බොහෝ පිරිමින්ට සිදුවන සිදු වීමකි.ලස්සන කාන්තාවක් දුටුවිට එය නින්දේදී සිහිවෙයි.ඒ වගේ මෙම රචකයාට ද නින්දේ දී කාන්තාව සිහිවේ.ගීතයට අනුව මෙම කාන්තාව පංජාබ් ඇඳුමකින් සැරසී ඇත.පංජාබ් ඇඳුමේ ඇති සළුව ලැම සළු යනුවෙන් අදහස් කොට ඇත.එම සළු විහිදිලා ඇවිත් පිරිමියාග‌ේ් න‌ෙතු ගාවම වැදෙන ආකාරය කියවේ.එම නිසා සිහිනෙන් මන්මත් වී සිටින ආකාරය ගැන මැනවින් කියවේ."මල්කිණි මම සිබින හැටි" මෙම පදය ඔබගේ විචාරාත්මක දැනුමක් භාවය අනුව තේරුම් ගත හැකිය.සිහිනෙන් මෙම පිරිමියා සිඹින්නේ කුම ද කියා ..... මල්කිණි යන්නට උපමා කොට ඇත්තේ කුමක් ද කියා...

රතගිලී සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමී// මම පෙම් බදිමී මම පෙම් බදිමී සිහිනෙන් ඔබෙ සුව විදිමී

"ඔබ දැක මුනිවත රකිමි " බොහෝ පිරිමින් කරන්නේ මෙයයි . කාන්තාවක් ගැන තිබෙන ආදරය අදහස ගැන ඇයට නොකියා මුනිවත රකී.මෙහි සඳහන් පිරිමියා කාන්තාවට සිහිනෙන් කොතරම් ආදරය කරනවා ද ?.

මෙය මට දැනෙන විචාරාත්මක අදහසයි.ඔබට ද විවිධ විචාරාත්මක අදහස් තිබිය හැකිය .ඔබට ඇති විචාර පහතින් comment  කරන්න .

Post a Comment

1 Comments