Advertisement

Responsive Advertisement

ආවාට තිබුනත් ගීතයේ තේරුම - Awata thibunath geethaye theruma


ආවාට තිබුනත් නිසසල සඳ මත 

එය හරි ප්‍රියංකරයි 

මා කාට නැතුවත් ඔබට පිදූ පෙම 

සඳ මෙන් අහිංසකයි

 එතරම් අහිංසකයි 

ප්‍රේමයෙන් පරිණත පිරිමියෙකුගේ ලක්ෂණ පිළිබඳව මෙම ගීතයෙන් විග්‍රහ කරයි. මෙහි සඳ යන්නට උපමා කොට ඇත්තේ කාන්තාවයි.එම කාන්තාවගේ පිරිසිදුකම  (කන්‍යාභාවය නොමැතිවීම) ආවාට තිබෙන සඳ ලෙස දක්වා ඇත . සද මත කෙතරම් ආවට තිබුනත් රාත්‍රියට ආලෝකය , නිසසල ගෙනදෙයි. මෙම ගීතයේ සඳහන් කාන්තාවගේ ද ඇත්තේ සුළු වරදකි. එම වරද නිසා ඇය මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවිය යුතු නොමැත. මෙහි සඳහන් පිරිමියා එම වරද එතරම් තැකීමකට නොගනී. මන්ද ඔහුට ඇත්තේ  පිවිතුරු ප්‍රේමයකි . බෝධිසත්ව ගති ඇති පිරිමින් නූතන සමාජයේ සිටිය ද , සමාජය විසින් ඔවුන්ව හෑල්ලුවට ලක් කරයි. පුරුෂයා කෙතරම් වැරදි කළ ද, එහි දෝෂය විඳීමට සිදුවී ඇත්තේ ගැහැණිය ටයි.  මෙම පදයෙන් පුරුෂයාගේ අවංකභාවය, පරාර්ථකාමීත්වය මැනවින් පෙන්වා දෙයි. 

(මංගල පෝරුව මතට එදා ඔබ 

දෙපා නැගූ ඒ සුබ මොහොතේ....//)

සිහිසුන් නොමැතිව වැටුණු අයුරු දැක

අනුකම්පාවකි මසිත වෙලා ගත්තේ....

අතීතයේ ජනයාගේ මතයක් වන්නේ, මංගල පෝරුව මගින් කාන්තාවගේ පිරිසිදුකම මැන බැලිය හැකි බවයි. කෙසේද යත්, මංගල පෝරුව නිසි අයුරින් චාරිත්‍ර වාරිත්‍ර වලට නිමකොට ඇති නම් , ඒ මතට මනාලිය ගිය අවස්ථාවේ ඇය කන්‍යාවියක් නොවේ නම්, සිහිසුන්ව ඇද වැටෙනවා යන මිත්‍යා තර්කයෙනි. මෙමඟින් කාන්තාව කෙතරම් අපහසුතාවයට ලක් කොට ඇද්ද?. මෙම ගීතයේ ද මනාලිය සිහිසුන්ව බිම ඇද වැටී ඇත . නමුත් මනාලයාගේ සිතෙහි කිසිම තරහක් ඇති වන්නේ නැත . ඇතිවන්නේ අනුකම්පාවකි.මින් පෙර ඇය මොනයම් හෝ පිරිමියෙකුට රැවටී ඇතැයි සිතාය.කිනම් හෝ ගැහැනියක් පතන්නේ තමාට හමුවන සහකරු සමග සතුටින් සිටීමයි. මෙම ගීතයේ ගැහැණියද පෙර පිරිමියා සමග සතුටින් සිටීමට තම ජීවිතය කැප කිරීමට ඇතැයි සිතා මනාලයා තම සිත දමනය කර ඇත. මොහුගේ පරාර්ථකාමීත්වය ඉතා විශිෂ්ටය. 

(සදාකාලයෙන් සදාකාලයට

අපිට උරුම නැත දුක් කඳුළු...//)

මැලවුණු මල් පෙති යලි පුබුදන්න ට

අපේ ලොවට හෙට හිරු පායා එනවා

මෙහි සඳහන් පිරිමියා කියා සිටින්නේ ,ඔවුන්ට හැමදාක ම දුක නොඑන බවයි. මෙම පදයෙන් කියවෙන්නේ ඇය ගැබ්ගෙන ඇති බවයි.ඇයගේ සිතේ ඇති වූ දුක දුරු කරගන්නට ඇගේ උපදින දරුවා හේතුවක් වන බව ඇගේ වර්තමාන ස්වාමියා පෙන්වා දෙයි. වර්තමානයේ විවිධ මුසාවන් කියා ගැහැනුන් අසරණ කරන පුරුෂයන්ට මෙම ගීතය කියා දෙන්නේ  ඉතාමත් අගනා පාඩමකි. තවද සමාජය යහමගට ගැනීමට පරාර්ථකාමීව සිතන අන්දමත් මෙම ගීතය කියා දෙයි .

Post a Comment

4 Comments