Advertisement

Responsive Advertisement

ප්‍රේම සජ්ජායනය ගීතයේ තේරුම-prema sajjayanaya geethaye theruma

 


තරිදු දම්සර, මා මෑත කාලයේ දකින විශිෂ්ඨ ගණයේ ගායකයෙකි.මෙහි සංගීතයද ඔහු විසින්ම සකස් කරයි.ගීතය රචනා කරන්නේ, හිරාන් චතුරංග විසිනි.මෙම ගීතය සත්‍ය වශයෙන්ම ප්‍රේම සජ්ජායනාවකි.

මලත් අතහැර නොයමි දිවුරා

බදාගෙන හිටියාට මල් කෙමි

හීන් නිලි වැස්සට වෙන්වෙයි

ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති.

මෙහි රචකයා ගෙන ඇති උපමාව සාර්ථක උපමාවකි.ඔහු මල යන්නට උපමා කොට ඇත්තේ ප්‍රේමයයි.අපි කොතරම් එකිනෙකා විශ්වාස කොට , ආදරෙන් බැඳී සිටියත්, ප්‍රායෝගික නැති කුඩා හේතුවකට පවා, දෙදෙනාගෙන් එක් අයෙක් සිය කැමැත්තෙන් ම ප්‍රේමයෙන් නික්ම යයි. ඇත්තෙන්ම ප්‍රේමය ප්‍රායෝගික ප්‍රේමයක් විය යුතුයි. දෙදෙනා අවබෝධයෙන් කටයුතු කිරීම සිදුකල යුතුයි. 

ඉඩෝරෙත් පිපි මල් පෙති

ගලව ගලවා දුන් හැටි

ඔබේ ළඟ ඒ කවි ඇතී

මට කියා කිසිවක් නැති 

මෙහි සඳහන් ආදරවන්තයා, අවිශ්වාසය පිරුණු කාලයන්හීදී පවා ආදරවන්තියට තමාගේ ආදරය පෙර කාලවලදී මෙන් නොඅඩුව ලබාදී ඇත.ඇත්තෙන්ම ප්‍රේමය සිදුකළ යුත්තේ , අත්හැරීම ගැන අවබෝධයක් ඇතිව ය. කෙතරම් තමා ආදරය කරන පාර්ශවය තමාගේ කියා සිතා සිටියත් ඇත්තෙන්ම එය තමාගේ නොවේ. ආදරේ කිරීමේදී ආත්මාර්ථකාමී භවයෙන් මිදිය යුතු ය.මෙම ගීතයේ සඳහන් ආදර වන්තයා ද එසේ ය.


වැව රවුමේ යංතමට ගෑවෙන 

හිඳපු බංකුවේ දියසෙවෙල් පිස

අදත් වැහිලිහිණියෙක් තනියම

හිටිය නමවෙනි වලාකුළ උඩ 

නුවර වැව රවුම අවට ආදරවන්තයන් කීදෙනෙක් නම් නම් පෙම් සුව විඳිනවා ඇතිද? ඉතින් මෙහි සඳහන් ආදරවන්තයින් දෙදෙනා ද , නිතර නිතර මුණ ගැසීමට යොදා ගත් තැනක් බවට වැව රවුම පත්කරගෙන ඇත.මෙම පදයෙන් කියවෙන්නේ ද, හැරගිය පෙම්වතිය නැවත පැමිණෙන තෙක් පෙම්වතා බලා සිටින අන්දම යි.

දවස් තිබුනා අපටත්

දුරින් හිඳ මිමිණුව

හදින් වෑහෙන ආලයෙන්

අතින්වත් අත නො ඇලුන

වර්තමානයේ කොරෝනා වසංගතය හමුවේ, මෙය බොහෝ පෙම්වතුන්ට අත්වූ ඉරණම කි.සරසවි වරම් ලබා  සිටින පෙම්වතුන්,දුරස්ථ ප්‍රදේශ වල රැකියා සඳහා ගොස් මේ වන විට රැකියා අහිමිව සිටින පෙම්වතුන් හට මෙය හොඳින් වැටහේ.එකිනෙකා හමු නොවී දුරකථනයෙන් පෙම් පහස සීමා කිරීමේදී ඇති වන වේදනාව සැබෑ ආදරවන්තයින් දනී.බොහෝ විට ය විශ්වාසය මත රඳා පවතී.මෙම ගීතයේ සඳහන් පෙම්වතුන් දෙදෙනා ද ඉතාමත් විශ්වාසයෙන් , වෙන් වීමට පෙර ආදරය කල බව මෙම පදයෙන් ලියවේ.

ආදරය හදවතට දැනුනම

හුදෙකලාවත් ශාපයක්

හීන පාවාදීම යනු නිම 

කරන්නට බැරි පාපයක්

ඇතැම් මිනිසුන් හුදෙකලාවට ආසාවෙන් සිටිය ද, ප්‍රේමය හදවතින් පිරී ගිය අවස්ථාවන්හිදී, හුදෙකලා ව ට අකමැතිය.මෙම ගීතයේ සඳහන් පෙම්වතා ද එසේය.ඔහු හැර හැරගිය පෙම්වතිය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසු වේ. වර්තමානයේ පෙම්වතිය හැර ගිය පසුව පෙම්වතා , තවත් පෙම්වතියක් සමග සිටියද, මේ ගීතයේ සඳහන් පෙම්වතා තවත් පෙම්වතියක් තම ඇසුරට ලංකර ගැනීම දකින්නේ හීන පාවාදීමක් ලෙසය. ඔහු එය පාපයක් ලෙස දකී.

වසන්තයේ මම වෙමී

අනන්තේ නුඹ නොවී

සදැස් කව් ලිහි ලිහී

ප්‍රේමයේ පිංකම් කෙරේ

සත්‍ය වශයෙන්ම ප්‍රේමය පින්කමකි.ප්‍රේමය සිදුකළ යුත්තේ  ආශාවන්ට ලොල් නොවී, පරිත්‍යාගශීලීව වේ. අත්හැරීම ද එයට ඇතුළත් ය. මෙම පදයෙන් සඳහන් වන්නේ ද මෙම ගීතයේ සඳහන් පෙම්වතා ට තම පෙම්වතිය නොමැති ව , ආදරේ පැවැත්මක් නොමැති බවයි.

ආදරේ පිරිතකී

ජීවිතේ සිරිතකී

පන්හිදේ එති එතී

කවි තිබිරිගෙයි ලතී

පිරිත යනු යකුන් පවා දමනය කළ හැකි, අදාළ ස්වර ඒ අයුරින් ම ගායනා කළ යුතු මහා බලගතු දෙයකි.ආදරයද එසේමය.ඕනෑම දරදඬු සිතක් මෘදු  කළ හැකි , එකිනෙකා අවබෝධයෙන් පවත්වාගෙන යනු ලබන බලගතු බැඳීමකි.සිරිත් යනු අපි එදිනෙදා කරන හොඳ පුරුදුය.ජීවිතය ද එසේමය.මෙහි සඳහන් පෙම්වතාගේ පරිණත බව, කලාකාමී ස්වභාවය පිළිබිඹු වන්නේ මෙහි අවසන් පද දෙකෙනි.ඔහු ඔහුගේ හිතට එන දුක කවි වලට හරවයි.

සිරිතටම පිරිත් කී

හිතට සැනසුම් නැති 

පිරිත් සර ඇසි ඇසී

කුමරි සැපසේ හිදී

මෙහි සඳහන් ප්‍රේමවන්තයා කෙතරම් හොඳට ආදරය කළත් , ඔහුගේ හිතට එය ප්‍රමාණවත් නොමැත.මන්ද, ඒ ආදරය පිළිබඳව ප්‍රේමවන්තිය තැකීමක් සිදු කරන්නේ නොමැත.





Post a Comment

3 Comments