Advertisement

Responsive Advertisement

බාගෙට සැලුන් දොරින් ගීතයේ තේරුම - bageta salum dorin geethayee theeruma


දමිත් අසංකව මම දකින්නේ මෑතකාලීන සංගීත රටාවට සාධාරණයක් ඉටු කළ සුවිශේෂී ගායකයෙක් ලෙසයි.ගමේ කමට හැදුනු නිහතමානි ගායකයෙකි.මෙම ගීතයෙන් අපි ටියුෂන් පන්ති යන කාලය ගැන සිහිපත් කරයි. 

බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් බෘංගා එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා

"බාගෙට සැලුන් දොරෙන් රිංගා ...නාගෙන ඕඩි කොලොන් බෘංගා..."අපි පාසලට අමතරව අමතර පන්ති පන්ති වලට සහභාගී වී තිබේ.ඒවායේ ඉතාමත් සුන්දර මතක ඇත.බොහෝ කොල්ලන් නගරයේ ඇති පන්ති වලට සහභාගි වීමට පෙර නගරයේ ඇති සැලුන් එකකට ගොස් තමන්ගේ කොණ්ඩය පීරා ගෙන,එම සැලුන් එකේ තිබෙන ඕඩිකොලොන් වැනි සුවඳ විලවුන් හිසේ ගල්වා ගෙන යයි.මෙහිදී බෘංගා යනු ප්‍රේමවන්තයන්ට කියන නමකි. "එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා ... ටියුෂන් කුමාරියෝ සොයනා..." බොහෝ අමතර පන්ති වලට සහභාගි වන සහභාගී වන ගැහැණු ළමුන් නොයෙකුත් විලාසිතාවන්ගෙන් සැරසී පැමිණෙයි . ටියුෂන් පන්තිවලට සහභාගි වන්නේ ටිකක් හෝ සල්ලි ඇති දෙමව්පියන්ගේ දරුවන් ය.එය එක්ටැම් ගෙවල් වලින් පියාඹන යන පදයෙන් ගී රචකයා දැනුම් දෙයි.බොහෝ ටියුෂන් පන්ති පැවැත්වෙන්නේ සති අග දිනකදී ය . එම නිසා පදරචකයා ඉරිදා දවස යොදා ගෙන තිබේ .

ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
පෙම්පත් පොතෙන් පොතට යන්නා ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා සිකුරිටි අහක බලා ඉන්නා

ඔබ කවුරුත් දන්නවා දැන් ළමුන්ට ජංගම දුරකථන තිබුනාට අතීතයේ භාවිතා කළේ ලිපි හුවමාරුව බව.මෙම ලිපි පංතියේ ගුරුවරයා දකී කියා පොත් අස්සට දමා ලිපි හුවමාරු කර ගනී .එහෙත් මේ ගීතයේ සඳහන් වන අන්දමට මෙය ටියුෂන් ගුරුවරයා දැන සිටියි . මෙහි ලයිසන් එක යන්නෙන් අදහස් වන්නේ මා සිතන අන්දමට පන්ති කාඩ් එකයි . පන්ති කාඩ් එක ගත්ත නිසා හැම දෙනාටම මේවට ඉඩ සැලසෙන බවක් මට මේ එයින් වැටහේ.

මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ
එක පිට එක පිට ඊ විඳිනා
ශිල්පය පසෙක තියා-සිල්පද බිඳුණු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා

බොහෝ විට පාසල් ප්‍රේමයන් සිදුවන්නේ , දෙපාර්ශවයට ම දැනුම් තේරුම් නැති කමට ය. එකක් දෙකක් නොව කිහිපයක්ම ප්‍රේමයන් තිබෙන්නන් නැතුවාම නොවේ. එය තේරුමක් නැති කමට සිදුකරන දේවල් විය හැකි ය.එය මැනවින් පදරචකයා පදරචකයා විදහාපාන පදය වන්නේ, "මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ...
එක පිට එක පිට ඊ විඳිනා.." යන පදයයි."ශිල්පය පසෙක තියා-සිල්පද බිඳුණු නියා ... ටියුෂන් පුවත අසන් සොදිනා..." ගීතයේ ආරම්භය , තාලය කෙතරම් මනරම් වුවත්, මෙහිද ඇත්තේ දුක් දුක් වීමට කරුණක් සහ සිතීමට යමක් ය.

Post a Comment

2 Comments