Advertisement

Responsive Advertisement

විරාගය රාගය අතරේ ගීතයේ තේරුම - viragaya ragaya athare geethaye theruma


 වර්තමානයේ මේ ගීතයේ තේරුම ගෙන දෙන විවිධ ජීවමාන කතා දක්නට ලැබේ.කාන්තාවන් බොහෝ විට තම රාගය සංසිදවා ගැනීමට තමාගේම ස්වාමිපුරුෂයා යොදා ගනියි.නමුත් ගැහැනියකට එය එම ස්වාමි පුරුෂයා අතින් සිදු නොවුනහොත් ඇය කුමක් කරන්නද? වර්තමානයේ නම් මෙවැනි පිරිමින්ට අකුරු 4 කින් යුක්තව නමක් භාවිතා කරයි.ඇත්තෙන් ම කාන්තාවකට තම රාග ආශාව නැතිකර ගැනීමට තමාගේ ස්වාමිපුරුෂයා ඉදිරිපත් වන්නේ නැත්නම් ඇය කුමක් කරන්නද? වර්තමානයේ මෙය හඳුන්වන්නේ "ගෑණි පිට යනවා" යනුවෙනි.මෙම ගීතයට අනුව මම ගැහැනියට සිදුවන අසාධාරණය පිළිබඳව ලියමි.නමුත් මෙම අසාධාරණය පිරිමි පාර්ශ්වයට ද සිදු විය හැක. 

විරාගය රාගය අතරේ තනි වූ ආලය...

විරාම දෙයි එක් හදකට උදා පරාජය...

විරාගය රාගය අතරේ තනි වූ ආලය...

දුරලයි තනිකම ලබමින් මගේ සරාගය...

ගීතයේ වෙතට හැරුණ හොත්, මෙහි සඳහන් විවාහක ගැහැනියට තම රාග ආශාව සංසිඳවා ගැනීමට තම ස්වාමිපුරුෂයා එක්නොවන අන්දම පෙනී යයි.එම නිසා ඇය විකල්පයක් තෝරා ගෙන ඇති බව පෙනී යයි.වර්තමානයට අනුව ඔහු "හොර මිනිහා"යනුවෙන් අර්ථ දක්වයි.මම ඔහුව ප්‍රේමවන්තයන් යනුවෙන් හඳුන්වමි.මෙම විවාහක ගැහැනියගේ ගැහැනිය ගේ ආදරය විරාගික සැමියා අතරත් රාගික අනියම් සැමියා අතරත් බෙදී යයි.නමුත් ඇයට සිදු වන්නේ ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට සමුදී එක් අයෙකු තෝරා ගැනීමයි.මේ ඇයගේ නොහොබිනා නොහොඹිනා ක්‍රියාවක් නොවේ ය.ඇයට සිදුවන අසාධාරණය නිසා ගන්නා ක්‍රියාවකි.ඇත්තටම තම බිරිද සමග රාග ආශාව  නැතිකර ගැනීමට සැමියා එකඟ නොවේ නම්, ඔවුන් දෙදෙනා විවාහ දිවියට පැමිණෙන්නේ කුමක් නිසාද?

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු...

ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා...

ඈ මුකුලිත වූවා...

කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු...

ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම් කළ දා... 

ඈ අසරණ වූවා...

මෙහි සඳහන් පළමු පද කොටසින් සැමියා අනියම් සැමියාට චෝදනාවක් නගයි.ඔහු මෙසේ කියයි , "ඔබ ඇස් අඩවන් කරගෙන ඈ දිහා බලපු නිසා ඇගේ සංවර ලෝකය අද අසංවර කරගත්තා" යනුවෙනි.පසුව දෙවැනි පද කොටසින් අනියම් පෙම්වතා සැමියා ට දැඩි චෝදනාවක් එල්ල කරයි.ඔහු කියා සිටින්නේ ඇයව ඔබ සතු කර ගැනීමට ඔබේ සිතුවිලි නොගැළපෙන බවයි.ඔබ සිතා සිටින්නේ මුනිවරයෙකු සිතන අන්දමටයි.එම නිසා ඇය අසරණ වෙයි.මේ තවදුරටත් විග්‍රහ කළහොත් මෙහි සැමියා පරිණත පුද්ගලයෙකි.ඔහු ජීවිතය අවබෝධ කරගත් කර ගත් පුද්ගලයෙකි.අනියම් සැමියා එසේ නොවේ.නමුත් ජීවිතය අවබෝධ කරගත් පමණින් ම පවුල් ජීවිතයක් නම් සාර්ථක වන්නේ නැත.මෙහි ගැහැණිය කුමක් කරන්නද? දහසක් බලාපොරොත්තු තියාගෙන ඔහු සමග සමඟ විවාහ වන්නට ඇති.

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතූ...

සලෙල ගීතයට ඈ තනුවක් කරගත් දා...

ඈ ලොව අහිමි වුනා...

ඔබේ මිලින ගත්තේ ඇය ට නොවේ රිසි...

පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා...

ඈ මා වෙතට ආවා...

මෙහි සඳහන් සැළලිහිණියකුගේ ගීතයට ඇගේ තනු උපමා කොට ඇත්තේ, ඇය අනියම් සැමියා සමග ලිංගිකව එකතුවීමේදී ඇතිවන ශබ්දයද? ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් මම ඉතිරි පද වෙත යමි. තවත් අනියම් සැමියා , සැමියාට දෝෂාරෝපණ ගෙන එයි.මෙම පදයෙන් තමා නිවැරැදි බව ඔප්පු කිරීමට යනවා මෙන් මට හැගේ මංද " ඈ මවෙතට ආවා..." යන පදයෙනි.ඔහු තවදුරටත් තවදුරටත් කියා සිටින්නේ සැමියාගේ ඒ පරිණත සිතුවිලි ඇයට අදාළ නොවන බවයි.ඇය සොයන්නේ ආදරය,රායය වේ. ඇයට ප්‍රේමය කාලෙකින් ලැබී නැත.

මෙය වර්තමානයේ නම් කෙලවර වෙන්නේ මිනී මැරුමකිනි. මනසින් සිතා තමා ගේ වැරදි තේරුම් ගෙන තේරුම් ගෙන ජීවිතය ජයගන්න.මෙහි අමල් පෙරේරා මහත්මා ගායනා කරන කොටස අනියම් පෙම්වතාගේ කොටසයි.අමරසිරි පීරිස් මහතා සැමියාගේ කොටසට පණ පොවයි.පද රචනය බන්දුල නානායක්කාරවසම් මහතාගෙනි.සංගීතය සුරේෂ් මාලියද්ද මහතා විසින් සිදු කර ඇත.

Post a Comment

1 Comments