Advertisement

Responsive Advertisement

බජාර් එකේ ලලක්කා ගීතයේ තේරුම - bajar eke lalakka geethaye theruma


මෙය ඉතාමත් විනෝද කාමී ගීතයකි. නමුත් ටිකක් ගැඹුරට අධ්‍යනය කළ විට එහි ඇත්තේ ඉතාමත් දුක්මුසු කතාවකි.අපි ගීතය වෙත යොමු වෙමු.
බජාර් එකේ ලලක්කා කොල්ලො හිත හොඳ අක්කා සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

මෙහි සඳහන් වන්නේ ලලක්කා යනුවෙන් හැඳින්වෙන කාන්තාවක් ගැනයි."බජාර් එකේ ලලක්කා" යන පදයෙන් මෙම කාන්තාව කොල්ලොත් එක්ක ජීවත් වන කොලු චරිතයක් ලෙස කිව හැකිය."හිත හොඳ අක්කා" යන පදයෙන් මෙම කාන්තාවගේ යහපත් ගති ලක්ෂණ ඉස්මතු කරයි." සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා" එම පදයෙන් ඇය ගණිකා වෘත්තියේ නියැලෙන බව කියවේ.නමුත් මෙහි එන ඇයගේ පාරිභෝගිකයන්ගේ පාරිභෝගිකය ගේ වතගොත නැතහොත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය එය රහසක් ලෙස තබා ගනී."සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා" නැවතත් මෙම පදයෙන් කියවෙන්නේ කෙතරම් ඇය නියැලෙන වෘත්තිය අයහපත් වුවත්, ඇය යහපත් දේවල් වල ද නියැළෙන බවයි. "සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා... හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා...." යන පද දෙකෙන් මෙම කාන්තාවගේ ලස්සන ප්‍රියමනාප බාවය ගැන කියවේ.
මයියොක්ක පිපිඥ්ඤා වම්බටු පොඩි බණ්ඩක්කා කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

"මයියොක්ක පිපිඥ්ඤා... වම්බටු පොඩි බණ්ඩක්කා..
කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා.." ටිකක් අමුතු ආකාරයේ එළවළු වර්ග පහකි.වැඩිය ගැඹුරට අධ්‍යනය නොකර අපට මුලින්ම හිතෙන තේරුම අපි ගනිමු.නමුත් ටිකක් ගැඹුරට අධ්‍යනය කළ විට මේ ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාව මේ එළවළු වර්ග පහම කෑමට ආසයි යනුවෙන් ගී පද රචකයා කුමක් කුමක් අදහස් කොට ඇද්ද? ප්‍රශ්නාර්ථයක් ඉතුරු කොට මා ඊළඟ පදයේ දෙස යොමු වෙමි.ඊළඟ පද වලින් කියවෙන්නේ ,ලලක්කාගේ නංගි වන රොසක්කාගේ වෘත්තීය ගැනයි.ඇයගේ වෘත්තිය වන්නේ කසිප්පු විකිණීමයි. එතනම කසිප්පු වික්කා යනුවෙන් පද රචකයා කියන නිසා මගේ විචාරාත්මක දැනුවත් භාවය අනුව සිතෙන්නේ ගණිකා මඩමට පැමිණෙන පිරිමින් හට රොසක්කා නංගී මත්පැන් වලින් සංග්‍රහ කරන බවයි.
අක්කගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවළු වික්කා කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා

මෙහි සඳහන් ගැහැනුන් දෙදෙනා ගේ අම්මාගේ වෘත්තීය එළවළු වෙළඳාමයි.නමුත් අවසාන පදයෙන් ඉතාමත් දුක්මුසු ලෙස නිමාවට පත් වෙයි."වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා" එළවළු වෙළඳාමෙන් මහා ලොකු මුදලක් සොයා ගත නොහැකි ය .බොහෝවිට ගණිකා වෘත්තියට සහ මත්පැන් වෙළඳාමට මොවුන් දෙදෙනා අකමැති වීමට පුළුවන . නමුත් ජීවිතය ගැටගසා ගැනීමට මේ කාන්තාවන් දෙදෙනා ගෙන යන මේ ක්‍රියා පිළිවෙළ ගැන ඉතාමත් දුක්මුසු ජනකය.මෙවැනි පුද්ගලයන් මේ අප ජීවත්වන ශ්‍රී ලංකාවේ කොපමණ ජීවත්වනවා ඇත්ද? ඉතිරි වන්නේ ප්‍රශ්නාර්ථයකි .

Post a Comment

1 Comments