Advertisement

Responsive Advertisement

Sirakaruwek geethaye theruma - සිරකරුවෙක් ගීතයේ තේරුම

 


නාද සංගීත කණ්ඩායමෙන් බිහිවූ තවත් අපූරු ගීතයක්.පැහැදිලි බුද්ධ දර්ශනයක් තියාගෙන මිත්‍යාවල් පිටුපස හතිවැටී දුවන මිනිසුන්ට හොඳ කනේ පහරක්.බුදු දහම ඇදහීම රටාවක් කරගත් මිනිසුන්ට නම් මේ ගීතය රසවිඳීම කළ නොහැකියි.එම නිසා ඔබේ මතය මෙයට අදාළ කර  නොගෙන මනසින් ගීතය රස විඳින්න.එවිට ඔබට මෙය ඔබේ මිථ්‍යාවෙන් තුවාලවී හෙම්බත් වූ සිතට ඖෂධීය ගීතයක් වනවා නොඅනුමානයි. 

සුරයක සිරවුනු සිරකරුවෙක්

ලංසු තැබූ පළතුරු බදුනක්

තිරය වසාගෙන දිව්‍ය විමානේ

දොරකඩ යාදින්නක්

මේ ගීතයේ රචකයා ට අනුව අපි අදහන දෙවියන් දිව්‍ය ලෝකය තුල සිර වී සිටිනවා යන හැඟීමක් ඔහුට ඇත. මන්ද, දෙවියන් මිනිසුන්ට නො පෙනේ. ඔවුන්ට අප අසලට පැමිණීමට නොහැකිය. එමනිසා දෙවියන් සිරකරුවෙක් ලෙස දැකීම විටෙක සාධාරණ ය. දිව්‍ය විමානේ දොර වසා තිබෙන බව පවසන්නේ , සත්‍ය වශයෙන්ම එවැනි දෙයක් නොමැති නිසා , මුදල් සමඟ පලතුරු වට්ටිය තුල තිබෙන සියලු දේ කපුවා සතු වන බවයි.  

විමානයෙන් බැස නො එන තුරා

දෑහින් දැක ගන්නේ කෝමා

අපේ අඳෝනා වාවනු බැරි තැන

හඬා වැටෙනවා ද තිරය වසා 

ඇත්තටම ගීතයට රසාස්වාදයක් අවශ්‍ය නැත. ඔබේ සිතේ මිත්‍යාව නැති නම් , මෙම ගීතය ඉතා හොඳින් වැටහේ. දෙවියන් සිටියත් ඔවුන් එම සිටින තැන්වලින් එන්නේ නැතිව අපි ඒ දෙවියන්ව දැක ගන්නේ කොහොමද? කිනම් හෝ පුද්ගලයෙක් කියන නිසාද? ඇති වන්නේ ප්‍රශ්නාර්ථයකි.වර්තමානයේ මෙම දේව ඇදහීම උතුම් වූ බුද්ධ දර්ශනයට අළලා ගෙන කපුවන් තම  ජීවිකාව පවත්වාගෙන යයි.මිනිසුන්ට සිදුවන කරදර මිනිසුන් සිය දුක නැති කර ගැනීමේ අරමුණින් දෙවියන්ට පැවසූ විට , පැවසූ විට ඇත්තටම දෙවියන් ඒවාට හඬා වැටෙනවා ද කියා වත් කියාවත් දන්නෙ නැති මිනිසුන් ,දෙවියන්ට පැවසූ පමණින් සියලු කරදර ඉවත් වූ අන්දමට ජීවත් වේ.සියල්ලටම මුල වන්නේ තමාගේ සිත ය . අප අදහන බුද්ධ දර්ශනය කොතරම් අර්ථවත් වුවත්, දැන් දැන් එය තේරුම් ගැනීමට තරම් දක්ෂ සාමාන්‍ය මිනිසුන් තියා, චීවරය දරා සිටින්නන්ද නොමැතිය. හොඳ දේවල් සමාජගත කරන භික්ෂූන් වහන්සේලා වහන්සේලා ද නැතිවම නොවේ. 

පුස්කොළයේ තරු කට්ටි පනී

සෙනසුරු මාමා හරිම සැරයි

හඳයාගේ කිරි ටික ගස් ගල් නාවා 

සීයට තුට්ටු ගොඩක්

මෙම පදයෙන් ජෝතිෂ් ය පිළිබඳව අප තුළ ඇති මිත්‍යාවට කනේ පහරක් ගසා ඇත.වර්තමානයේ සිටින ජෝතිෂ්‍යවේදීන් ජ්‍යොතිෂ්‍යවේදීන් කියනා දේවල් වලට, ඔවුන්ගේ බොරු පුරාජේරු ගතිය , දැන් දැන් මිනිසුන් තේරුම් ගෙන හමාරය.ජෝතිෂ්‍යයට අනුව සෙනසුරු සම්බන්ධ වී සිටින කිසිම වැඩක් අපි කරන්නේ නැත.එය එතරම් දරුණු යි කියා මිනිසුන් ගේ සිතෙහි ඇත.ඒවා අදහන පුද්ගලයින් කෙතරම් මේ සමාජයේ ජීවත්වනවා ඇති ද? අවශ්‍ය විය යුත්තේ උත්සාහයයි.සෙනසුරුට කළ හැක්කක් නැත.එය තවත් එක් ග්‍රහලෝකයක් පමණි.තවද ළමයි නොමැති ගැහැණුන්, ශිව ලිංගය එළකිරි නාවයි.කෙතරම් නිශ්ඵල ක්‍රියාවක් ද? කොතරම් ළමයි බීමට පවා කිරි ටිකක් වත් නොමැතිව මහමග හිඟා කනවා ඇති ද?සමාජයේ සිදුවන සියලුම මිත්‍යා මතයන් මෙම ගීතයෙන් දුරු කරලයි.

පොළව ඇදයි කොහොමද නටලා

කනප්පුවේ අන්ඩක් දිරලා 

හණුමා කළු සුදු රූපවාහිණී

දැන් දැන් ටිකක් ලෙඩ

වලව්වට පැලටත් රහසින්

ඉලව්වටත් ග්‍රහයෝ ඇවිදින්

යන්නම යන්නත් හිතුමතේට බෑ

තප්පරේට සිරිත

කනප්පුව වර්තමාන පරපුර නම් නොදන්නවා වූවාට, අතීතයේ හොරු ඇල්ලීම සිදුකෙරේ කනප්පුව මගිනි.කනප්පුව ජපකර අතින් කරකව කරකවා හොරා ගිය පාරේ යෑමට කියා උපදෙස් ලබා දෙයි.නොදන්නා අයට දැන ගැනීම සඳහා මා කනප්පුව පිළිබඳව යම් උදාහරණයක් ලබාදෙන්නම් , අප භාවිතා කරන පිට තබා හේත්තුවන ඇන්ද නැති පුටුවක් වැනි උපකරණයක් කනප්පුව ලෙස අර්ථ දක්වයි. කොතරම් විහිළුවක් ද ? සත්‍ය වශයෙන්ම එතන සිදුවන්නේ සිදු වන්නේ ඒ කරකවන පුද්ගලයා කනප්පුව රැගෙන යාමයි.නිවැරදි පුද්ගලයන් කී දෙනෙක් මේ වැරදි ක්‍රියාවන් නිසා දුක් විඳිනවා ඇද්ද? අතීතයේ අඳුන බලා සාස්තර  කිවූ ඒවා දැන් දැන් වලපල්ලට ගොස් ඇත.වර්තමානයේ තවත් එක් මිත්‍යාවක් නම්, නැකත් බැලීමයි. මිනිසෙකුට තම හිතුමතයට කිසිවක් සිදුකල නොහැකිය.ඒවා සියල්ලටම නැකත් බැලීමට අවශ්‍ය වෙයි.මනසින් සිතන , බුදු දර්ශනය අදහන පුද්ගලයකුට මේවා සම්පූර්ණ විකට නාට්‍ය වැනි ය. එම නිසා, මෙය තවදුරටත් වැළඳ ගෙන සිටීමෙන් සිදුවන්නේ, රට එකම තැන පල් වීමයි.එම නිසා බොරු මිත්‍යා මත වලින් ඈත් වෙමු. 


Post a Comment

0 Comments